සුප්‍රසිද්ධ  මාධ්‍යවේදියෙකු ලන්ඩනයේදී විදුලි දුම්රියක ගැටෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ විමල් සොක්කලිංගම් මහතා සුප්‍රසිද්ධ දෙමළ මාධ්‍යවේදියෙකු වේ.

අවසනාවන්ත ලෙස අගෝස්තු 2 දා සොක්කලිංගම් මහතා ලන්ඩනයේදී, විදුලි දුම්රියක ගැටීම නිසා  මියගොස් ඇති බව වාර්තා වේ.

පසු කාලීනව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කීපයකම මාධ්‍යවේදියෙකු වශයෙන්  කටයුතු කොට ඇති සොක්කලිංගම් මහතා , මිය යනවිට 76 වෙනි වියේ පසු විය.

ඔහු ලන්ඩනයේ පදිංචිව සිටින නිවසේ සිට ශාරීරික ව්‍යායාම කිරීම පිණිස බැහැරට ගොස් සිටි අවස්ථාවේදී විදුලි දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අභාවප්‍රාප්ත විමල් සොක්කලිංගම් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක්ද යාපනයේ සංවිධානය කොට තිබුණු අතර , සොක්කනාදන් මහතාගේ අවසන් කටයුතු  5 වෙනි සෙනසුරාදා ලන්ඩනයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...