Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

Date:

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්, ඔවුන්ගේ අලගිය මුලගිය තැන්, සැමරුම්, ඉන්ටර්විව්ස්, රතු පලසෙහි ඇස් ගිය තැන්, උපන්දිනයන්.. එකී මෙකී නොකී දෑ දැන ගැනීමට හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

අගෝස්තු 04, කොළඹ (LNW):  අද “Celebrity Buzz” තුළින් අපි ට්‍රම්ප් ගේ හිත ගිය සිඩ්නි ස්වීනිගේ යටගියාව දෙස බලමු!

හොලිවුඩයේ නැගී එන තාරකාවක වන සිඩ්නි ස්වීනිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා ලැබී ඇතැයි වාර්තා වෙයි.

ට්‍රම්ප් ඉකුත් සති අන්තයේ නිළියගේ මතභේදාත්මක American Eagle ජීන්ස් දැන්වීම ගැන උනන්දු වූයේ ඇගේ දේශපාලන පාක්ෂිකත්ව වාර්තාවන් හෙළි වීමෙන් පසුවය.


ඉන් උද්දාමයට පත් වූ ට්‍රම්ප් “ඇය ලියාපදිංචි වූ රිපබ්ලිකන් කෙනෙක්ද?” ඉරිදා පෙන්සිල්වේනියාවේ ඇලන්ටවුන් නුවරින් පිටත්ව යන අතරතුර වාර්තාකරුවන්ගෙන් ඇසුවේය.

“ඒක හරිද, සිඩ්නි ස්වීනි රිපබ්ලිකන් කෙනෙක් ද?” ඔහුගේ උද්දාමය තව තවත් වැඩි වූවා මිස අඩු වූයේ නැත.

කොපමණ දෙනෙක් රිපබ්ලිකන් පාක්ෂිකයෝද කියා ඔහු පුදුම වන බවත්, ඔහු එය දැනගෙන නොසිටි බවත් ජනාධිපතිවරයා පැවසීය.

“ඔයා මට ඒක කිව්වට සතුටුයි”,”දැන් මම ඇයගේ ඇඩ් එකට කැමතියි” ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කළේ හරි උජාරුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...

හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...

තණමල්විල කංසා වගාවක් වටලයි:සැකකරුවකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : තණමල්විල ආනන්දපුර ප්‍රදේශයේ අක්කර...

ප්‍රංශය පුරා වැඩවර්ජන, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවලට එක්වේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති...