ඒ්ස් කැපිටල්, බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW:

හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු යැවීම ඉදිරියේ ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 158 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.එහිදී මෙතෙක් මෙම තරගාවලියේ කළ විශිෂ්ඨතම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ හිරුණිකා ලකුණු 25 ට කඩුලු 7 ක් දවා ගනිමින් ඒස් කැපිටල් ඉණිම ලකුණු 51 ට සීමා කරන්නට සමත් වුණා.වමත් දඟ පන්දු යවන්නියගේ පන්දු යැවීම ඉදිරියේ නිරුත්තර වූ ඒස් කැපිටල් කණ්ඩායම බදුරලිය කණ්ඩායම ලබා ගත් ලකුණු 209 ට ලකුණු 158 ට මෙපිටින් නවතා ගන්නට මුල් වූ නිවර්ථනා මෙම පන්දු යැවීමත් සමඟ තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වෙමින් කඩුලු 11 ක් ලබා පෙරමුණට පැමිණෙන්නට ද සමත් වුණා.


ගාල්ල කීඹිය ගාමිණි විදුහලේ සිසුවියක ලෙස හිරුණිකා දැක් වූ දස්කම් නිසා ඇයගේ පාසල් ජීවිතයේ අවසාන වසර දෙක රත්ගම දේවපතිරායේ ගත් කරන්නට භාග්‍යය උදා වෙනවා.ජාති කණ්ඩායමේ ද විශාල පිරිසක් සංචිත ගතව සිටින දේවපතිරාජ විද්‍යාලයේ අති දක්ෂයන් සමඟ දෙවසරක් ඔවුන්ගේ ක්‍රිකට් දිසාපාමොක් මහේෂ් සඳරුවන් සමඟ වැඩෙන හිරුනිකා ඉකුත් වසරේ පාසල නිමාවෙන් පසුව ද ක්‍රිකට්වලින් ගිලිහෙන්නට නොදී ඇයව එහි රඳවන විශ්වාසය තනන්නේද මහේෂ් සදරුවන්මය.


මැණික පමා වී ලැබුණත් එහි වටිනාකම වැඩවෙන ආකාරයේ සාත්තුව කැපීම ඔප දැමීම දන්නා සඳරුවන්ගේ දැක්මට මේ වන විට හිරුණිකා සාධාරණය ඉටු කරමින් සිටින්නීය.ඇය දැන් ජාතික සංවර්ධන සංචිතයේ ද සිටින අතර ඇයට බදුරලියෙන් ලැබෙන පහසුකම් තරමටම ඇයට දේවපතිරාජය නියෝජනය කරන බවක් දැනෙන්නේ බදුරලියේ නවයක්ම එම පාසලේන් පැමිණි අය වීම නිසාය.


කාන්තා ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමෙන් සිය දස්කම් විඳහා පෙන්වන්නට වයස් කාණ්ඩයේ තරග වගේම මෙවැනි ජාතික තරගාවලිද සංවිධානය කරමින් ශ්‍රී ලංකා ක්‍රීකට් ගෙන යන වැඩ පිළිවෙල ආසන්න කාල රාමු අතරේ හිරුණිකාට මතුවන්නට ඉඩ සැකසෙන්නේය.මහේෂ් ඔප දමා නිම නොවුණු මැණික බදුරලිය පුහුණුකරු ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අලංකාර අසංකගෙන් ද මුවහත් මෙවෙමින් ඇත.එසේම ජාතික සංවර්ධන සංචිතයේ සියළු පුහණුකරුවෝද මේ ගමනේ දිරි දෙන්නෝය.හැකියාව මුවහත් කරන්නෝය.


හිරුනිකාගේ කඩුලු දඩයම මෙන්ම උමයංගනා පීරිස් බදුරලිය ලකුණු පූවරුව ලකුනු 209 දක්වා ඉහළ නඟින්නට ලොකුම දායකත්වය ලබා දෙමින් රැස් කර ලකුණු 52 ද මේ ජයග්‍රහණයේදී සිහිපත් කළ යුතුය.මෙම දස්කම් හරහා මෙන්ම මෙවැනි තරගාවලි හරහා ද අලුත් බලාපොරොත්තු දක්ෂයන් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙමින් තිබෙන නිසා ශ්‍රී ලංකා ක්‍රීකට් මේ තරගාවලිය මෙවැනි තරගාවලි සංවිධානය හරහා ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවට දෙන දායකත්වය සුළු කොට සැළකිය නොහැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...