Thursday, March 30, 2023
spot_img

Latest Posts

ධම්මික කැබිනට්ටුවට නෑ. ආර්ථිකයට සම්බන්ධ වෙනත් ඉහළම තනතුරක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් සඳහා පත්කෙරෙනු ඇති බවට මුලින් වාර්තා වී තිබුණත් මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සකස් කෙරෙන විශේෂ යාන්ත්‍රණයක ප්‍රධාන තනතුරක් ඒ මහතාට හිමිවනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සකස් කෙරෙන “ආර්ථික සංවර්ධන කමිටුවේ” සභාපති ධුරයට ධම්මික පෙරේරා මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

රටේ ආර්ථිකයේ සියලුම අංශ ආවරණය වන පරිදි ඒවා නිරීක්ෂණය කරමින් අධීක්ෂණය කිරීමත්, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත්, රටට ඩොලර් ආදායම් උපයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම හා අලුතින් බිහිකිරීමත් යනාදී වශයෙන් වගකීම් රැසක් ආර්ථික සංවර්ධන කමිටුවට පැවරී තිබේ.

එසේම ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට කැබිනට් බලතල ද හිමිවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.