අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජතෙල් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (03) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව,

  1. විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන්
  2. ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම
  3. රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා හෝ සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, පෝෂණය, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය

අත්‍යාවශ්‍ය සේවාවන් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...