සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දෙන්න සජබ පිරිසක් දැඩි උනන්දුවකින් … ?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සහාය දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි උනන්දුවෙන් සිටින බව ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය ධුර ද භාරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වී කටයුතු කළයුතු බවට යම් පිරිසකගේ මතය වී ඇතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු බහුතරයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා පමණක් ආණ්ඩුවට සහාය දිය යුතුය යන්නය බවත් වාර්තා විය.

අමාත්‍ය ධුර භාරගැනීමට උනන්දු පිරිස අතරින් ඉදිරිපෙළ මන්ත්‍රීවරයකුට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය ලබාදීමට ද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් යෝජනා වි තිබුණත් මෙතෙක් ඒ සම්බන්ධ තීරණයකට පැමිණ නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...