මහර බන්ධනාගර ගැටුම ගැන ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මහර බන්ධනාගර සිද්ධිය අනුව බන්ධනාගරය කඩාකප්පල් කිරීම අරමුණ වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරි අය සිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව අවශ්‍ය පියවර ගැනීමට නොපැකිළෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මෙලෙස ගිනි තබා විනාශ කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතා මුදල් බව මේ රැඳවියන්ගේ දෙමාපියන් තේරුම් ගත යුතු අතර මේවා නැවත පිළිසකර කිරීම සඳහාත් අවශ්‍ය වන්නේ ජනතා බදු මුදල් බව තේරුම් ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”මහර බන්ධනාගාරයේ ඇති වු තත්වය මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට වඩා වෙනස් බව කිව යුතුයි. මොවුන් මෙම සිද්ධිය ඇති කර ගන්නේ පාලන තන්ත්‍රය සමඟයි. නමුත් රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආරවුලක් අනුව මීගමුවේ සිද්ධිය ඇති වෙන්නේ. රැඳවියන් අතර ආරවුලක් ඇති වුණහම ඔවුන් සමඟ සාකච්ඡා කොට විසඳා ගන්නවා. නමුත් මහර බන්ධනාගාරය තුළ මොවුන් මෙම සිද්ධිය ඇති කිරීමට ආසන්න කරුණක් මේ දක්වා සොයා ගෙන නැහැ. රැඳවියන් දෙනෙකු අතර ප්‍රශ්නයක් තිබෙන විට තවත් තුන් හතර දෙනෙක් එන්න පුළුවන්. නමුත් එක්වරම රැඳවියන් දාහක් විතර එන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. පෙර නොවු විරූ ආකාරයට ගිනි තැබීම් සිදු කර තිබෙනවා. ප්‍රධාන ජේලර් කාර්යාලය, බෙහෙත් ගන්න ස්ථානය, මුළු තැන් ගෙය කර්මාන්ත අංශය විනාශ කර තිබෙනවා. මේක කළ අයගේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ මහර බන්ධනාගාරය කඩාකප්පල් කිරීම බව පේනවා. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරි අය ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. අවශ්‍ය පියවර ගන්නවා. මේ කළහකාරි තත්වය ඇති කළේ සියලු දෙනා නොවෙයි. කිහිප දෙනෙක් ඉන්නවා. තමන්ගේ ආදරණියන්ට කියන්න ඕන රජය විසින් රස පරීක්ෂක වාර්තා කඩිනම් කරමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කරමින් සිටින මොහොතක මේ ක්‍රියාවන් හරහා ඔවුන්ගේ සුභ සාධක මට්ටම් නැති කර ගන්න තත්වයකට පත් කර ගන්න එපා කියලා. සිදු වු අලාභය විශාලයි. මේ ප්‍රශ්නය යටතේ වෙනත් බන්ධනාගාරවලින් රැඳවියන්ට ආහාර ඇතුළු අවශ්‍යතා ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරගෙන යනවා.

මේ වන විට මගේ සභාපතිත්වයෙන් ආනන්ද විජයපාල ඇමතිතුමා ඇතුළු ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව බන්ධනාගාර තදබදය අවම කිරීමට සහ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා බන්ධනාගාර අරාක්ෂාව පිළිබඳව අවශ්‍ය වාර්තාවක් ලබා දෙනවා. මෙය රැල්ලක් ලෙස බන්ධනාගාර තුල ඇති වෙන්න පුළුවන්ද කියලා අපි අවධානය යොමු කර තිබෙනවා. ඇතිවන ඕනෑම තත්වයකදී ජීවිත හානි අවම කර පාලනය කිරීමට පියවර ගන්නවා. තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්වයක් පිළිබඳව යම් තොරතුරු අපට ලැබි තිබෙනවා. ඒවා බන්ධනාගාර දෙපාර්තමෙන්තු ප්‍රධානීන්ට ලබාදී තිබෙනවා. ඇතිවන ඕනෑම තත්වයක් පාලනය කරන්න අවශ්‍ය සම්බන්ධිකරණයක් අපි ගොඩ නගනවා”

මහර බන්ධනාගරයේ එම ගැටුමෙන් ප්‍රධාන ජේලර් කාර්යාලය, විනය අංශය, කර්මාන්ත අංශය සහ මුළුතැන් ගෙය ඇතුළු එකක රැඳවියන් විසින් ගිනිතබා විනාශ කර තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...