යෝෂිතට හා කරන්නාගොඩට අද ලැබුණු නියෝගය!

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන දෙදෙනාට නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (04) නියෝග කර තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති පැමිණිල්ලක් අද කැදවූ අවස්ථාවේදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළේය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ යන අය බඳවාගැනීම සහ එතෙක් පැවැති පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා ඔහු සහභාගි කරවූ බවට එවකට නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ල වී පැවතුණි.

මේ තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බවයි.

වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එහිදි කියා සිටියේ සිය සේවා දායකයාට නඩු පැවරීම පිළිබඳව තමන් තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය තුළින් බවයි සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවා දායකයාට ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදි මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ මෙම සැකකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙන බැවින් ඊට අදාල නියෝග නිකුත් කිරීමට නොහැකි බවයි.

නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට යන දෙදෙනාට නියම කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...