මාසිකව සිදු කෙරෙන ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද (04) ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
වසරේ ගතවූ කාලය තුළ අවස්ථා කිහිපයකදීම ගෑස් මිල අඩුකිරීමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබිණි.
එසේවෙතත් මේ වනවිට ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් එම තත්වය සලකා බලා ගෑස් මිල ප්රකාශයට පත්කරන බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
RN