මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදීමක් !

Date:

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඊයේ (03) දහවල් පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති අතර පහරදී ඇත්තේ විශ්‍රාමික විදුහල්පතිවරයකු විසින් බවයි මතුගම පොලීසිය පවසන්නේ.

ඊයේ දහවල් 2.00 ට පමණ මතුගම – අලුත්ගම ප්‍රධාන මාර්ගය අසල එළවලු වෙළඳසලක් තුළ සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ විශ්‍රාමික විදුහල්පතිවරයා විසින් මන්ත්‍රීවරයාට පහරදී ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර පොලිසිය විසින් සැකකාර විශ්‍රාමික විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...