කඳානේ වෙඩි ප්‍රහාරයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල  කර පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුවූ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වෙඩි තැබීමෙන් කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර , වෙඩි ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇත. T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. මෙම වෙඩි තැබීම සඳහා යොදාගත් යතුරුපැදියේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ද හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...