මෙක්සිකෝවේ බස් රථයක් පෙරලී 17 ක් මරුට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් , බටහිර මෙක්සිකෝවේ මගී බස් රථයක් අධිවේගී මාර්ගයකින් මිටියාවතකට පෙරලීගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

නයාරිට් ප්‍රාන්තයේ ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක ලේකම් Jorge Benito Rodriguez පවසා තිබෙන්නේ , අඩි 164ක් පමණ ගැඹුරු වූ මිටියවතකට බස් රථය පෙරළීයාමෙන් පසු බේරාගැනීම අතිශයින්ම දුෂ්කර බවයි.

මියගිය අය අතර වැඩිහිටියන් 14 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. මගීන් 40 දෙනෙකු පමණ රැගෙන ටිජුවානා දෙසට ගමන් ගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...