කවින්දට සහ මුජිබර්ට එරෙහිව පැමිණිල්ලක්!

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළුවී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතුළු පිරිසක් විසින් ඊයේ (03) දින අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකරුවන් පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයුතු ලෙස ඇතුළුවී අනවසරයෙන් එහි දත්ත ලබාගැනීමක් සිදුකර ඇති බවයි.

කථානායකවරයාගේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දත්ත ලබාගැනීම සඳහා ආයතන වෙත ඇතුලුවිය නොහැකි අතර මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...