මහින්දට අප්පච්චි කියමින් හිටපු රෝහිතට දැන් රනිල් අප්පච්චි වෙලා. දැන් අප්පච්චිලා දෙන්නයි – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට රටේ පවතින ලැජ්ජා සහගත දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“පොහොට්ටුව තුනට බෙදිලා. පොහොට්ටුවේ ජාතික මෙහෙයුම් නායක – මම දන්නෑ මොන ජාතියේ මෙහෙයුම් නායක කෙනෙක්ද කියලා – රෝහිත අබේගුණවර්ධන අද ප්‍රසිද්ධියට පත්කරලා තිබෙනවා ඔහු යනවා කියලා රනිල්ගෙ සහායට. ප්‍රසන්න රණතුංග කෑමොර දීලා කියනවා ඔහු යනවා රනිල්ගෙ සහායට. මහින්ද රාජපක්ෂට අප්පච්චි කියමින් හිටපු රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් අප්පච්චි වෙනවා. දැන් අප්පච්චිලා දෙන්නයි. ලැජ්ජා නැද්ද මේ දේශපාලනය ? මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානකල් නින්ද යන්නෙ නෑ කියලා. හැබැයි දැන් මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. බන්දුල ගුණවර්ධන පහුගිය ඡන්ද කාලෙ පත්තරේ දැන්වීමක් දැම්මා මහ දවල් මහබැංකුවේ මහා වංචාව හෙළිදරව් කරපු ප්‍රාඥයා අංක 16න් කොළඹට කියලා. දැන් ඒ බන්දුල රනිල් ගාව. දැන් මහබැංකු හොරාත් එතන, හෙළිදරව් කරපු කෙනාත් එතන. මේ කැත පන්නයේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (04) මාලිගාවත්තේ පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...