ගෝටා සීසන් 1 සහ සීසන් 2 – පිස්සු කෙළින පරම්පරාව

Date:

යමෙක් බටහිර රටක පුරවැසියෙක් කරන්න ඕනනම් බහතෝරන කාලේම ඔහුව හෝ ඇයව ඒ රටට අරන් යන්න ඕන..එහෙම නැතිව මෙහෙ භාෂාවට සංකෘතියට ඝනවෙච්ච මිනිසෙක් විදිහට ඒ රටකට ගියාම ඒ රටේ සිස්ටම් එකට මැරෙනකම්ම ඇබ්සෝබ් වෙන්නෙ නෑ..

හරියට මහා ජලකඳක් උඩට වැටුන තෙල් බින්දුවක් වගේ වෙනමම තියෙන්නේ.. කලවම් වෙන්නෙ නෑ..ඒ නිසයි මෙහේ ආගම්, මෙහෙ පක්ෂ, මෙහෙ ජාතිවාද, මෙහෙ සංකෘතිය එහෙ ගිහින් අටවගෙන දියුණු මහා රාජ්‍යයක් ඇතුලෙත් ආයෙත් ලංකාව කියන දූපත හදාගන්න උත්සහ කරන්නේ..

සමහරවිට මේ අයට ඒ රටවල් තුලදී ලැබෙන දරුවෝ අනාගතේදී ඇත්තම ඒ රටේ ජීවියෝ වේවි..එතකම් මේ එහෙගිය පලවෙනි පරම්පරාවට මෙහෙ දූපත් චින්තනයෙන් ගැලවෙන්ට බෑ..ඔස්ට්‍රේලියාවේ නම් මේ අය ඇබොජීනියන්ස් ගෝත්‍රයෙනුත් එහා තැනෙක, ඇමෙරිකාවේ නම් රෙඩ් ඉන්ඩියන්ස්ලගෙනුත් එහා තැනක, නවසීලන්තයේ නම් මෞරි ගෝත්‍රයෙනුත් එහා තැනක තමා මේ අවාසනාවන්ත ජීවියෝ ප්ලේස් වෙන්නේ..

සමස්තයක් වශයෙන් ගත්කල මෙහෙන් දියුණු රටවල්වලට යන අයගේ එහෙදි උපදින පරපුර තමා දියුණු බටහිර ජීවියෝ වෙන්නේ..

එතකන් එහෙයන පලවෙනි පරම්පරාව මැරෙනකම්ම එහෙ ජීවත්වෙන ගමන් මේක ලෝකෙන් උතුම් රට කරන්ට එක එක පිස්සු කෙලිනවා..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...