වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයත් රනිල්ට!

Date:

කොළඹ LNW:මෙවර ජනාධිපතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ සහයෝගය වර්තමාන ජනාධිපති රනිල් විකසිංහ මහතා වෙත ලබා දීමට ඔවුන් එකඟතාව පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මැතිවරණ කොට්ඨාසයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් හමුවීමේ වැඩ සටහනක් ඊයේ (04) වවුනියාවේදී පැවැත්වූ අතර එහිදී එම සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වෙත තේරී පත්ව සිටින හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් එහිදී රනිල් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට සිය එකඟතාවය පළ කර තිබුණු අතර එම අවස්ථාවට රැස්ව සිටි සියලු නියෝජිතයින් දෑත් ඔසවා අනුමත කර තිබේ.

වැඩසටහනෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාව හා උතුරු නැගෙනහිර නියෝජනය කරන සිංහල දමිළ හා මුස්ලිම් පිරිස මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට එකඟ වූ බවයි .

පක්ෂ පාට භේද වලින් තොරව සියලු දෙනා ඒකරාශී කරගෙන කටයුතු කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද එජාප ජාතික ලේකම්වරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...