පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තා අලුත් කළ චීනය!

Date:

කොළඹ LNW:පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 4×100 පිරිමි මිශ‍්‍ර ආර සහය පිහිනුම් තරගයේ අවසන් මහා තරගය ඊයේ(04) පැවැත්වුණා.

එහිදී අවසන් තරගය ජය ගනිමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දෙවැනි පිහිනුම් රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වී තිබෙනවා.

Xu Jiayu, Qin Haiyang, Sun Jiajun සහ Pan Zhanle යන පිහිනුම් ක්‍රීඩකයින් මිනිත්තු තුනයි තත්පර 27.46 කින් තරගය අවසන් කළ අතර, රිදී පදක්කම දිනා ගත් ඇමරිකා කණ්ඩායටම වඩා තත්පර භාගයකින් ඔවුහු තරගය අවසන් කළා. එමෙන්ම එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ප්‍රංශයයි.

මේ සමගම 1984 වසරේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලේ සිට රන් පදක්කම් 10 ක් හිමි කර ගනිමින් ඇමරිකාව තැබූ අඛණ්ඩ තරග වාර්තාව බිඳ දැමීමට චීනය සමත්ව තිබීම විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...