මාස හයේ සංචාරක ආදායම : ඇමති විජිතට අනුව ඩොලර් බිලියන 3.7 යි. නියෝජ්‍ය ඇමති රුවන්ට අනුව 1.7 යි

Date:

පසුගිය මාස හයක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරක ඉපයීම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් උපයාගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (03) ප්‍රකාශ කර තිබිණි.

ඒ, නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේදී පැවති උත්සවයක් අමතමිනි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඊයේ (04) කරුණු පැහැදිලිකිරීමක් සිදුකළේය.

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය… විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක. ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ”

සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...