රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරණ සමයේ සිදුකළ ලන්ඩන් සංචාරයක් සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් 2023 වසරේදී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතී.

ඊට අදාළව ප්‍රශ්න කිරීම සඳහා සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

එසේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද අද (05) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...