රනිල්ගේ පෞද්ගලික ලේකම්ගෙන් CIDය පැය හයක් ප්‍රශ්න කරයි. හිටපු ජනාධිපති ලේකම්ටත් කැඳවීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරණ සමයේ සිදුකළ ලන්ඩන් සංචාරයක් සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් 2023 වසරේදී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතී.

ඊට අදාළව ප්‍රශ්න කිරීම සඳහා සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

එසේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද අද (05) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...