බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාව මත නඩු විභාගයකට පෙනී සිටින හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

2023 ජනවාරි මාසයේදී ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් ජාතික කොංග්‍රසය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට කඩා වැදී ඒවා කොල්ලකෑමට අනුබල දීම, සන්නද්ධ අපරාධ සංවිධානයකට නායකත්වය දීම, කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ කිරීම ආදී චෝදනා මත නඩු විභාගයකට මුහුණ දී සිටින බොල්සොනාරෝ අධිකරණය විසින් පනවන ලද පූර්ව නඩු විභාගයේ පූර්වාරක්ෂාව උල්ලංඝනය කර ඇති බවට විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් ඊයේ(04)දිනයේදී තීරණය කිරීමත් සමඟ මෙම තීන්දුවට පැමිණ තිබේ.

මෙම අධිකරණ තීන්දුව යටතේ අධිකරණයේ නිරීක්ෂණය යටතේ තබන හිටපු ජනාධිපති බෝල්සනාරෝ ඔහුගේ ඥාතීන්ට සහ නීතිඥයින්ට පමණක් ඔහු බැලීමට අවසර දෙනු ඇත. ඔහුගේ නිවසේ ඇති සියලුම ජංගම දුරකථන ද අත්අඩංගුවට ගනු ලැබේ. අවසානයේ බෝල්සනාරෝ මෙම චෝදනාවන්ට වරදකරු වන්නේ නම් වසර 12 ක් දක්වා සිර දඬුවමක් නියමවනු ඇත.

බොල්සොනාරෝට එරෙහි නඩුව අධීක්ෂණය කිරීම හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සම්බාධකවලට මුහුණ දී සිටින විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් මෙහිදී සඳහන් කර තිබුණේ, ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි ප්‍රහාර සඳහා දිරිගැන්වීමේ සහ පෙළඹවීමේ පැහැදිලි අන්තර්ගතයක් සහ බ්‍රසීල අධිකරණයේ විදේශ මැදිහත්වීම් සඳහා පැහැදිලි සහයෝගයක් ලබා දී ඇති රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කර ඇති බවයි.

ජනාධිපති බෝල්සනාරෝගේ අතිශය සමීපතමයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නඩුව නවතා සමාන ලෙස බ්‍රසීලයට නියෝග කරමින් 50% තීරුබදු පනවා ඇති අතර එයට පිළිතුරු දෙමින් වර්තමාන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති මිස ලෝක අධිරාජයා නොවන බවත්, බ්‍රසීලයේ අධිකරණය ස්වාධින බවත් එහි තීන්දු තීරණ වෙනුවෙන් කිසිවෙකුට මැදිහත් විය නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...