රාජපක්ෂලාගේ අනාගතය තීරණය කරන්න කැරැල්ලකට බෑ. ඒකට ඉඩ තියන්නෙත් නෑ – නාමල්

Date:

රාජපක්ෂවරුන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ තීරණය කිරීමට කැරැල්ලකට නොහැකි බවත් තමන් නම් එවැන්නකට කිසිසේත්ම ඉඩ නොතබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ප්‍රශ්නය – පසුගිය සමයේ සිදුවුණු සිදුවීම් මගින් රාජපක්ෂවරුගේ දේශපාලන ගමන නිමා වුණාද ? එහෙම නැත්නම් ඔවුන්ගේ දේශපාලන අනාගතය මොනවගේ වෙයිද ?

“මගේ හෝ මගේ පියාගේ හෝ වේවා අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හෝ ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගේ හෝ වේවා, අපි සියලු දෙනාගේ දේශපාලන ගමන තීරණය වෙන්නේ ජනතාවගේ මනාපය මත. කැරැල්ලකට දේශපාලන අනාගතය තීරණය කරන්න මම නම් කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් අපි ජයග්‍රහණය කරවන්න හෝ පරාජය කරවන්න ජනතාවට අවස්ථාව තියෙනවා. අරගලයක් සංවිධානය වීම සම්බන්ධයෙන් පුද්ගලිකව මගේ කිසිම අප්‍රසාදයක් නැහැ. අරගලයෙන් ඉදිරිපත් වූ ඇතැම් යෝජනා, අදහස් ඉතාමත්ම වටිනවා. අරගලය පිළිබඳව ප්‍රශ්නයක් නැති වුණත් ඇතැම් අරගලකරුවන් සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා. අරගලකරුවන් හැමවෙලාවකම උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව කැරැල්ලකින් ආණ්ඩුව පෙරළන්න නම්, ඔහු උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩත්වය පතුරවන්න නම්, අරගලකරුවාගේ අදහස ජාතික රූපවාහිනියට හෝ රාජ්‍ය ආයතන වලට බලහත්කාරයෙන් කඩා වැදිලා ඒ රාජ්‍ය දේපළ තමන්ගේ අත්අඩංගුව ගන්න නම්, එවැනි අරගලකරුවන්ගේ ක්‍රියා කලාපයන් අපට කිසිසේත්ම අනුමත කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාගේ දේශපාලන අනාගතය තීරණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පමණයි කියලා මම නැවතත් සිහිපත් කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකර තිබුණේ පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...