පැය 12 ක් තුළ වෙඩිතැබීම් තුනක්. දෙදෙනෙකු මරුට !

ඊයේ (04) දිනයේ පැය 12ක් තුළ වෙඩිතැබීමේ සිද්ධි තුනක් වාර්තා වී තිබුණු අතර ඒවායින් පුද්ගලයින් දෙදෙනෙකු මරුමුවට පත්ව තිබිණි.

මුල්ම සිදුවීම ගල්කිස්ස අධිකරණයෙන් වාර්තා වී තිබුණු අතර එම අධිකරණයේ විත්ති කූඩුවෙහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කළත් එය ඔහුට වැදී තිබුණේ නැත. වෙඩික්කරුවා පළාගොස් තිබුණු බව සඳහන්.

ඊයේ පස්වරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක් තුළ ද වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එයින් 34 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබිණි. එයින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තාත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

පසුගිය මාස දෙකක කාලය තුළ මෙවැනි වෙඩිතැබීමේ සිද්ධි 20කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර තවත් අපරාධ රැසක් සිදුවන ආකාරයක් දැකගැනීමට ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...