Thursday, March 30, 2023
spot_img

Latest Posts

පැය 12 ක් තුළ වෙඩිතැබීම් තුනක්. දෙදෙනෙකු මරුට !

ඊයේ (04) දිනයේ පැය 12ක් තුළ වෙඩිතැබීමේ සිද්ධි තුනක් වාර්තා වී තිබුණු අතර ඒවායින් පුද්ගලයින් දෙදෙනෙකු මරුමුවට පත්ව තිබිණි.

මුල්ම සිදුවීම ගල්කිස්ස අධිකරණයෙන් වාර්තා වී තිබුණු අතර එම අධිකරණයේ විත්ති කූඩුවෙහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කළත් එය ඔහුට වැදී තිබුණේ නැත. වෙඩික්කරුවා පළාගොස් තිබුණු බව සඳහන්.

ඊයේ පස්වරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක් තුළ ද වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එයින් 34 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ වෙඩිතැබීමක් සිදුව තිබිණි. එයින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තාත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

පසුගිය මාස දෙකක කාලය තුළ මෙවැනි වෙඩිතැබීමේ සිද්ධි 20කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර තවත් අපරාධ රැසක් සිදුවන ආකාරයක් දැකගැනීමට ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.