චීන-ඇමරිකානු දේශපාලන උණුසුම මැද ඉන්දු-ඇමරිකා යුද අභ්‍යාසයක් !

Date:

නැන්සි පොලොසිගේ තායිවාන සංචාරය හේතුවෙන් ඇමරිකාව සහ චීනය අතර දේශපාලන අර්බුදයක් මතුවිය. නැන්සි පොලොසිගේ තායිවාන සංචාරයට චීනය මුල සිටම දැඩි විරෝධයක් දැක්වූ අතර කෙසේ නමුත් එම විරෝධය නොතකා අදාල සංචාරය ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පියවර ගත්තේය.

මෙම සංචාරය සිදුවන කාලසීමාව තුළ චීනය, තායිවානය පෙනෙන මානයේ චීන වෙරළ කලාපයට සිය හමුදා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් කැඳවා තිබූ අතර සජීවී යුද අභ්‍යාසයක්ද පැවැත්වීමට කටයුතු කර තිබිණි.

මීට ප්‍රතිචාර ලෙස චීනයේ කලාපීය ප්‍රතිවාදියා වන ඉන්දියාව සමග එක්ව යුද අභ්‍යාසයක් සිදු කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ. ‘යුද් අභ්‍යාස්’ ලෙස හැඳින්වෙන මෙම මෙහෙයුම ඔක්තෝබර් මස 14 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ අවුලි ප්‍රදේශයේදී පැවැත්වීමට සැළසුම් කරමින් සිටින්නේ.

මෙම යුද අභ්‍යාසය ඉන්දු-ඇමරිකා 18 වැනි යුද අභ්‍යාසය වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...