චීන-ඇමරිකානු දේශපාලන උණුසුම මැද ඉන්දු-ඇමරිකා යුද අභ්‍යාසයක් !

නැන්සි පොලොසිගේ තායිවාන සංචාරය හේතුවෙන් ඇමරිකාව සහ චීනය අතර දේශපාලන අර්බුදයක් මතුවිය. නැන්සි පොලොසිගේ තායිවාන සංචාරයට චීනය මුල සිටම දැඩි විරෝධයක් දැක්වූ අතර කෙසේ නමුත් එම විරෝධය නොතකා අදාල සංචාරය ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පියවර ගත්තේය.

මෙම සංචාරය සිදුවන කාලසීමාව තුළ චීනය, තායිවානය පෙනෙන මානයේ චීන වෙරළ කලාපයට සිය හමුදා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් කැඳවා තිබූ අතර සජීවී යුද අභ්‍යාසයක්ද පැවැත්වීමට කටයුතු කර තිබිණි.

මීට ප්‍රතිචාර ලෙස චීනයේ කලාපීය ප්‍රතිවාදියා වන ඉන්දියාව සමග එක්ව යුද අභ්‍යාසයක් සිදු කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ. ‘යුද් අභ්‍යාස්’ ලෙස හැඳින්වෙන මෙම මෙහෙයුම ඔක්තෝබර් මස 14 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ අවුලි ප්‍රදේශයේදී පැවැත්වීමට සැළසුම් කරමින් සිටින්නේ.

මෙම යුද අභ්‍යාසය ඉන්දු-ඇමරිකා 18 වැනි යුද අභ්‍යාසය වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...