*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඔව් මේක වෙනස් ජෙනරේෂන් එකක් තමයි

කොළොම්ඹියාවේදී ක්‍රියාත්මක ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයින් සනාත කරමින් සිටින්නේ ඔවුන් වෙනස් පරම්පරාවක තරුණයක් බවය.එවුන් තමන්ට සිඳු කළ දැවන්ත අසාධාරණයට වෙනස් භාෂාවකින් පිළිතුරු සපයමින් සිටින්නේය.ඒ සවිය ගතේ පමණක් නොව හිතේ ද ඇති අපූරු සංකලනයක පලයකි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අදාළ වගකිවයුත්තෝ වගකීමකින් තොරව කළ හැසිරීම නිසා කයටත් සිතටත් දුක් දෙමින් ටොරිංටන් පොළව මත වැතිර සිටි රටක ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමක් අන්තිම මොහොතේද විවිධ ගැටළු මැද කොළොඹ්ඹියාව බලා පිටත්ව ගියේය.රටක ඉහළ පුටුවල ඉන්න අය ලැජ්ජාවට රෙදි නාදින නිසා ගැටළුවක් නැත.එසේ ගැටළුවක් වේ නම් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මේ ක්‍රීඩා උළෙලට සහභාගි වූ පිරිස අතරින් කාන්තා මීටර් 800 ඉසව්වේ දී තරුෂි කරුණාරත්නටත්,පිරිමි දුර පැනීමේ ඉසව්වේ දී හිරුෂ හෂේන්ටත් වැඩි අවධානයක් දුන්නද ඔවුන් දෙදෙනාටම ප්‍රමාදය නිසා එම ඉසව් අහිමි විය.මේ සම්බන්ධයෙන් රටෙන් සමාව ඉල්ලා තවමත් මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයක් හෝ කර නැත.ඔවුන් කියන විදිහට ඔවුන්ට හැකි විදිහට ක්‍රීඩකයින් සිටිය යුතු බවත්,ක්‍රීඩකයින්ගේ දක්ෂතා නොව නිගධාරීන්ට අවශ්‍යය පරිදි ක්‍රීඩාව පැවතිය යුතු බවත් සිතන මාන්නය මේ නිහඬතාවයේ සහ සමාව නොගැනීමේ අනන්‍යතාවයයි.

මෙහි ස්වරූපය වඩාත්ම හඳුනා ගන්න හැකි වන්නේ රටකින් ලෝකයක් නියෝජනය කරන තරුණ තානාපති පිරිසට තමන්ගේ නොසැළකිල්ලේ තරම ගැන වද නොවී වෙනත් සංචාරයක් ලබා දෙන්නම් ගෙදර යන්න කියන තරමට මලල ක්‍රීඩා බලධාරීන් පිම්ඹී සිටීමය.කොහේ හරි හොඳ රටක දෙන සංචාරයක් ගොස් ඒ රටේ සාප්පු සංකීරණයකින් වටිනා බඩු ටිකක් රැඟෙන ටොෆි චොකලට් ටිකක් රැඟෙන පැමිණ රට නියෝජනය කළා යැයි කීම සහ ලෝක ක්‍රීඩා උළෙල නියෝජනය යන්න දෙකකි.තරුණයෝ එය තේරුම් ගෙන සිටියහ.අයිතිය වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන්ද රැඟෙන ටොරිංටන් පොළවේ තැප සාධාරණය අපේක්ෂා කළහ.
අවසානයේ අසම්පූර්ණ විදිහට සංචාරයට අවස්ථාව ලැබුණ විට අලුත් නොවුණ පරම්පරාවේ දරුවන්ගේ දෙමව්පියන් සුපුරුදු විදිහට අයිතිය අහිමි කිරීම ගැන අමතක වී දරුවන්ට අවස්ථාව හිමි වීම ගැන අමාත්‍යවරයාට ප්‍රශස්ති කියන්නට ගියේ ඔවුන් වැරදීමක් අසම්පූර්ණව නිවැරදි කෙරූ බව නොහැඟීය.ඒ ප්‍රකාශවලින් සිඳු වූයේ තමන්ගේ දරුවන්ට නොතිබි අවස්ථාවක් වරප්‍රසාදයක් විදිහට හිමි වුණු බවය.ඇත්ත දරුවන්ගේ වරප්‍රසාදය නොසළකි හැර අන්තිම මොහොතේ අසම්පූර්ණ විදිහට ඉටු කිරීමට සිදුවීමය.
සමහර විට එක දිගට තමන්ගේ අයිතිය වෙනුවෙන් ටොරිංටන් තැප සිටි කොල්ලන් කෙල්ලන් යළි ලංකාවට එනවිට මේ තත්ත්වය අමතකව තමන් පීඩාවට උත්තර දුන්න සටන්කාමී හැඟීමෙන් වියුක්තව අම්මලා තාත්තලා සමඟ සමූහ ප්‍රශස්තියක් ගායනා කර යන්නටත් ඉඩ ඇත.ඒ වෙනස් නොවන දේශපාලනයේ ආබාධිතකම අපට උරුම තර තිබෙන හැඟීම්වල ස්වභාවය ය.

ඔවුන් වෙනස් වෙන්නේ රටට පය තබා පැය කිහිපයකින් හිතටත් ඇඟටක් දැනුණ වේදනාව එසේම තිබියදී තරග බිමට පිවිසීමය.කවීශ බණ්ඩාර මෙන්ම අමේශා හෙට්ටිආරච්චි දෙදෙනාම ඉතාමත් සුළු පැය ගණනකින් පිළිවෙලින් මීටර් 110 සහ මීටර් 400 වැනි අතිශයින් දුෂ්කර ඉසව්වලට පෙනී සිටින්නට තරම් දක්ෂයෝ වූහ.කඩුලු ඉසව්වක දුෂ්කරතාවය ඒ සඳහා අවශ්‍යය රිද්මය කළමණාකාරීත්වය යනාදිය සළකද්දී ඇඟ මෙන්ම හිතද එකාත්මික කරගෙන අභියෝගය භාර නොගන්නා අයෙකුට මෙය පහසුවෙන් කළ නොහැකි දෙයකි.එසේම තරුෂි කරුණාරත්න මීටර් 400 මූලික තරගයට ද පෙනී සිට එහි අවසාන පූර්ව තරගයට ද සුදුසුකම් ලබා ගත්තේ තමන් සම්බන්ධයෙන් ලෝකය බලා සිටි මීටර් 800 ඉසව්ව රටේ ක්‍රීඩා බලධාරීත්වය තමන්ට අහිමි නොකළානම් යන්න ගැන සියල්ලන්ටම හිතන්නට ඉඩ තබමින්ය.

යම් තරමකට සහනයක් සහිතව තරග පිටියට පැමිණි ධනුක දර්ශන,රුමේෂ් තරංග මෙන්ම පසිඳු මල්ෂාන් තමන්ට දුන් පීඩනය නිසා මඟ හැරුණු ක්‍රීඩක කණ්ඩායමේ සමස්තයම ලෝකය ඉදිරියේ කියා පෑහ.ධනුක දර්ශන මීටර් 400 කඩුලු අවසාන තරගය නියෝජනය කළ අතර නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් එිහ මූලික තරගය ජයගත් අතර අවසාන තරගයේදී ඔහු වාර්තා කළ කාලය දෙවැනි වන්නෙත් ඔහු තැබූ ශ්‍රී ලංකා වාර්තාවට පමණි.ඒ අනුව ධනුක දර්ශන මෙම ඉසව්වෙන් ඉදිරිපත් වූ තරග දෙකම තමන්ගේ හොඳම කාලයෙන් නිමා කරන්නට සමත් විය.මේ ඉතාම හොඳ මානසික සහ කායික නිරෝගීතාවයක නැතුව අනේක පීඩාවන් විඳ තරගාවලියට සහභාගි විමෙන් ඉනික්බිතිව දර්ශනගේ ධාවනය පවතින තත්ත්වය ය.දර්ශන තත්පර 51.41 නව ශ්‍රී ලංකා වාර්තාව සමඟ අවසාන තරගයට තේරී අවසාන තරගයේදී වාර්තා කළ කාලය තත්පර 5159 ක් විය.දර්ශන හත්වැන්නා වූ අතර ප්‍රථමයා වූ පෘතුගාලයේ යාන් මැනුවෙල් තරගය නිම කළේ තත්පර 50.37 ක කාලයකින් නව අවුරුදු 20 පහළ ලොව හොඳම වාර්තාගත කාලය ද සමඟින්ය.

මේ අතර රුමේෂ් තරංග ද හෙල්ල වීසි කිරිමේ අවසාන තරගයට සුදුසුකම් ලැබීය.ඒ තමාගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින්ය.මීටර් 70.68 ක දක්ෂතාවයක් දක්වමින් තමන් තරග වැදී සුදුසුකම් ලැබීමේ තරගයේ තෙවැනියා වෙමින්ය.අවසාන තරගයට සුදුසුකම් ලැබිමේ තරග දෙකේම තේරී පත් වූ අය හා සසදද්දී රුමේෂ් තරංග හයවන තැන සිටින අතර වීසීකිරීමේ ඉසව්වකදී ඔහු පෙන්වූ මේ දස්කම ලෝක කණිෂ්ඨ සූරතාවලිය හා සබැඳි ඉතිහාසය ගත් විට ඓතිහාසික ජයග්‍රහණයකි.එසේ තේරී පත් වූ ක්‍රීඩකයින් 12 දෙනා අතරේ සිටින හොඳම දක්ෂතාවය දැක් වූ ආසියාතික ක්‍රීඩකයා හැටියට සිටින්නේද රුමේෂ් තරංගය.
තුන් පිම්ම පැනීමේ ක්‍රීඩක පසිඳු මල්ෂාන් තේරීම් තරගවලදී මීටර් 15.76 ක දක්ෂතාවයක් දක්වා තිබුණ ද එයසුළඟ ආධාරයෙන් කරන ලද පිම්මක් හැටියට වාර්තා පොත් අතර නොතිබුණු අතර එහි අඩුව මැකූ පසිඳු ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාලියේ අවසාන වටයට සුදුසුකම් ලැබුවේ මීටර් 15.73 ක නිල පිම්මක් සමඟ තමන්ගේ හොඳම දක්ෂතාවය පෙන්වමින්ය.ඔහු ද අවසාන තරගය නියෝජනය කරන්නේය.

රටක් වෙනුවෙන් ලෝකය නියෝජනය කරන්න යන ක්‍රීඩකයෙකුට නොදිය යුතු තරමේ මානසික සහ කායික පීඩාවලට ලක් කර පිටත් කළ මේ තරුණ නඩයේ හැම ඉදිරිපත්වීමකම තිබුණේ නොසැලෙන ශක්තියය.පෙරළාගෙන නැඟෙන්නට ඇති හැකියාවය.එවැනි තරුණ කණ්ඩායමක් රටකට ආශිර්වාදයක් වුව යන ක්‍රමයට අවශ්‍යය කරන දේ ට හූ මිටි තබන්නන්ය.වැඩිහිටියන්ගේ වැරදි ඉවසා දරාගෙන ඉදිරියටත් අනුකම්පාවෙන් පවත්වාගෙන යන්නන්ය.එයට ගෞරවය සහ හැදිච්චකම කියන්නට ඉහළ පරම්පරාව එකතු කරපු ශබ්ද කෝශයට අනුව අලුත් පරම්පරාවේ හොඳකමට සහතික දෙන්නේද ඔවුන්මය.

ඒත් මේ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයා උඩුගං බලා පිහිනන බවක් පෙන්නමින් සිටින්නේය.බොහෝ අය මැඩ රළ පරයා පිහිනන්නට ඇඳුම් ඇඳ ගත්තද වෙරළේ ඒ මේ අතට දිව්වා විනා වතුරටනම් පැන්නේ නැත.ක්‍රීඩා අමාත්‍යවරයා ද සැරසෙන්නේ පිහිනන බව පෙන්නා වතුරටවත් නොබැස ඉන්නද යන්න අපි කල්පනාවෙන් බලා ඉන්නෙමු.මොවුන්ගේ දක්ෂතා ලෝකයට ගෙන යන්නට ඔවුන් විසින් තනා ගත් මාවත් මීට වඩා ලෝකයට දැනෙන්නට තිබුණු අවස්ථාව අහුරා අන්තිම මොහොතක එය අසම්පූර්ණ ලෙස සකස් කර දීම ප්‍රශස්ති ගායනා කරන්නට අවශ්‍යය කාරණයක් නොවේය.එවැනී පීඩාවකට යටත් කර තිබියදීත් රට වෙනුවෙන් ඔවුන් කළ දේ අපූරුය.වාර්තාවන් අලුත් කිරීමම පමණක් ගත්තද එය රටේ ක්‍රීඩාව පෙරට ගෙන යන්නට දක්වන අමිල දායකත්වයක්ය.ඉතිං කවුරුත් එක්ව ගුණ ගැයුම කළ යුතතේ මේ ක්‍රීඩක නඩයේය.ඔවුන් ලවා කාගෙවත් ගුණ ගායනා කරවන්නට අවස්ථාව නොවන බව ශක්තිමත් පරානයක් ඇති ක්‍රීඩකයෙක්ගේ සෘජු කොඳු නාරටිය පවත්වාගෙන යාමේ වටිනාකම මේ පරම්පරාවෙන් හෝ පටන් ගන්නා ලෙස ඉල්ලමින් සටහන් කළ යුතුමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan