රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීමේ සැකකාර පොලිස් නිළධාරීන්ට ඇප

Date:

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයක් අතරතුර වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ඇපමත මුදා හැරීමට කෑගල්ල මහාධිකරණය අද නියෝග කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු බන්ධනාගාර ගත කර තිබිණි.

දැඩි ඇප කොන්දේසි මත සැකකරුවන් මුදා හැරීමටයි මහාධිකරණය තීරණය කළේ.

පසුගිය අප්‍රේල් 19 වැනිදා ඉන්ධන ඉල්ලා ජනතාව රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල විරෝධතාවයක් ආරම්භ කළ අතර මේ නිසා දුම්රිය ධාවනයටද බාධා සිදුව තිබිණි.

තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා තිබූ අතර එහිදී පොලිස් නිළධාරීන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය. එහිදී පොලිස් නිළධාරීන් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ අතර 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබීය.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව වාර්තා වූ අතර පොලිස් අධිකාරීවරයා සහ වෙඩි ප්‍රහාර එල්ල කළ පොලිස් නිළධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...