කොමන්වෙල්ත් ගේම්ස් අතරතුර අතුරුදන් වූ දෙදෙනෙකු අල්ලයි !

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු, ක්‍රීඩිකාවක හා පුහුණුකරුවෙකු අතුරුදන්ව සිටින බව පසුගියදා වාර්තා විය. ඔවුන් තිදෙනා කිසිවෙකුට නොදන්වා කණ්ඩායම හැරගොස් ඇති බවයි වාර්තා වී තිබුණේ.

ජූඩෝ ක්‍රීඩිකාවක, ජූඩෝ පුහුණුකරුවෙකු සහ රෙස්ලිං ක්‍රීඩකයෙකු මෙසේ අතුරුදන්ව තිබිණි.

බ්‍රිතාන්‍ය පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී ඉන් දෙදෙනෙකු සොයා ගැනීමට සමත්ව තිබේ. 30 හැවිරිදි කාන්තාවක සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලීසියට හසු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තිදෙනාගේ අතුරුදන්වීම වාර්තාවීමත් සමග කණ්ඩායමේ සියලුදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර කණ්ඩායම් කළමනාකරුවන් භාරයට ගෙන තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය: නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : 2027 අයවැය නොවැම්බර්...

2027 මාර්තු මාසයෙන් පසු සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර IMF විසින් පෙන්වා දෙයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාව සිය...

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලය...

රාජ්‍ය මුදල් අවභාවිතය: රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති...