*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ලීස් රන් දිනන කොට රත්තරන් එලීශා කුස තුළ ද? 

දිනය 1990 පෙබරවාරි දෙවන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ්.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 10000 කාන්තා ඉසව්ව නිමා වන්නේ දෙවනවරටත් ලීස් මැක්කෝල්ගන්ගේ ගෙල රන් පදක්කමකින් සරසමින්.හරියටම ඊට දින 296 ට පසුව ලීස් ගේ කුසින් මොලොව එළිය දකින්නේ එලීශා මැක්කෝල්ගන්.ඒ 1990 පෙබරවාරි 25 වන දා.

මෙය වඩාත් අපූර්ව වන්නේ ලෝකය පිළිගන්නා ආකාරයට ජර්මන් ජාතික මහාචාර්ය Franz Karl Naegele පවසා ඇති පරිද්දදෙන් සාමාන්‍යයෙන්දරු ගැබක් ප්‍රසුත කීරීමට ප්‍රථම දින 280 ක් මවගේ කුස තුළ පවතින බවයි.එය මාස නවයයි දින 7 ක් ලෙස ද සඳහන් වෙනවා.හැබැයි ඔහුපෙන්නා දෙන ආකාරයට යම්  ප්‍රමාණයකින් ප්‍රසූතිය ඊට දින කිහිපයකට පෙරත් විය හැකියි.සමහර විට දින ගණනාවකට පසුව විය හැකියි.

ලීස් ට එලීශා ඉපදෙන්නට ඇත්තේ කෙසේද යන්න මේ තරම් කුතුහලයට බඳුන් වන්නේ ලීස් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයක මීටර් 10000 ඉසව්වට රන් පදක්කමක් දිනුව අයුරෙන්ම 2022 අගෝස්තු 03 වන දා බර්මින්ග්හැම් හී දී එලීශා ද මීටර් 10000 කාන්තා ඉසව්වේ පොදු රාජ්‍යමණ්ඩලීය රන් පදක්කම දිනීමයි. මහාචාර්ය Franz Karl Naegele පවසා ඇති පරිදි එම නියැදිය අවධානයට ගත් විට ඇතැම් විට ලීස් රන්පදක්කම දිනා ගන්නා  මොහොතේ එලීශා කුස තුළ සිටියා වෙන්නටද හැකියි.නමුත් එක් දෙයක් සහතිකයි. ලීස් සිය දෙවන පොදු රාජ්‍ය මණ්ඩලීය රන්පදක්කම දිනන මොහොතේ නැතත් එහි සතුටින් පිරී එය උපරිමයෙන්ම සමරන මොහොතක එලීශා ඇයගේ කුස තුළට පැමිණ තිබෙනවා.

එලීශා මේ මොහොතේ දිනා ගත් රන් පදක්කමට වඩා ඇය ලීස් ගේ සෙවණේ වැඩෙන්නට ඇත්තේ කෙසේද යන්න විමසා බලන්න වටිනවා.එලීශාටමාස 09  ක් වෙද්දි ලීස් ටෝකියෝ නුවර පැවත්වෙන 1991 ලෝක  මලල ක්‍රීඩා සූරතාවලියෙ මිටර් 10000 ඉසව්වෙ රන් පදක්කම දිනාගන්නවා.එපමණක් නොවේ ලීස්,එලීෂා  ඉපිද සති හයකින් තරග පිටියට පිවිස ෆ්ලොරිඩා හී පැවති කිලෝමීටර් 5 ධාවන තරගයේ තෙවැන්නිය වූවාය.ලෝක රට හරහා දිවීමේ තරගාවලියේ තෙවැන්නිය වූයේත් 1991 වසරේ වන අතර ඇය එම වසරේ නිව්යෝර්ක් මැරතන් තරගයට ඉදිරිපත් වී එමතරගය ජය ගත්තාය.ඇය වාර්තා කළ කාලය පැය 2:27:32 වූ අතර එය ක්‍රීඩිකාවක් සිය මංගල මැරතන් තරගයේදී වාර්තා කළ හොදම කාලයහැටියටද ඉතිහාසයට එකතු වූවාය.ඒ  සියල්ල නිසා තමා මවක් කළ කුඩා එලිශාට වසරක් සපිරෙන මොහොතේ බිබීසිය විසින් වසරේ ක්‍රීඩා තරුව හැටියට ඇයව නම් කළාය.

මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරන ලීස් මෙන්ම එලීහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදී පමණක් ස්කොට්ලන්තය නියෝජනය කරන්නේය.පොදු රාජ්‍යමණ්ඩලීය නොවන තරගාවලියකදී ස්කොට්ලන්තය,එංගලන්තය සහ වේල්සය එක්ව මහා බ්‍රිතාන්‍යය ලෙස තරගවැදීම සාමාන්‍ය තත්ත්වය ය.ඇයබ්‍රතිකාව්‍යයේ මෙන්ම ස්කොට්ලන්තයේ ද ගෞරවණීය පුරවැසිණියක ලෙස ඇගයීමට පත් වූ කාන්තාවක්ය.

එලීශා ද බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔලිම්පික් තරග සහ වෙනත් ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති ස්කොට්ලන්තය වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීයතරග නියෝජනය කර අති ක්‍රීඩිකාවක්ය.ඇය 2012 සහ 2016  ඔලිම්පික් තරග නියෝජනය කෙරුවාය.ලීස් ද 1988 ,1992, 1996 වසරවලදීඔල්මිපික් නියෝජනය කර ඇත.  1988 වසරේදී ලීස් කාන්තා මීටර් 10000 ඉසව්වේ රිදී  පදක්කමද දිනුවාය.එලීශාට එක් අතකින් මේ වසරේදී මමේ ඉරිදාට සිය මව ඉක්මවා යන්නට හෝ සම  කරන්නට අවස්ථාව ඇත.ඒ කාන්තා මීටර් 5000 ඉසව්වට ද ඇයගේ සෞඛ්‍යමය තත්ත්වයේ අර්බූදයක්  නොවුණහොත් සහභාගි වෙන බව පවසා ඇති බැවිනි.ඇය මීටර් 5000 ජය ගතහොත් ලීස් ට පොදු රාජ්‍ය  මණ්ඩලීය තරගවලදී එක්ඉසව්වකට පමණක් රන් පදක්කම් හිමි වී ඇති අතර එලීශා ඉසව් දෙදකට රන් පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවක වශයෙන් ලීස් ට වඩා ඉදරියට යනුඇත.එසේම ඇය ද මව මෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රන්පදක්කම් දෙකක් දිනා ගත් තැනත්තියක සේ මව හා සම වෙනවාය.එකම උළෙලක රන්පදක්කම් දෙකක්  යනු එලීශාට ලැබෙන අතිරේක ගෞරවයක් වනු ඇත.

ඒ ගැන එලීශා හැරුණු විට වැඩියෙන්ම සතුටුවන්නි ලීස් වෙනු ඇත.සිය දියණියගේ ජයග්‍රහණය ගැන ඇය  මාධ්‍යයට කියා සිටියේ ඇය දිනුවාට වඩා දුව දිනනු දැකිමෙන් තමා පමෝදයට පත් වූ බවය.ඒ මව් හදවතේ  පමණක් නොව පුහුණුකරු භූමිකාවේ අනන්‍යතාවයද වන්නීය.ලීස් එලීශාගේපුහුණුකාරියය.එලීශාට ඒ තත්ත්වය සම කරන්නටනම් කෙතරම් කාලයක් බලා ඉන්න වෙයිද දන්නේ නැත.ලීස් මේ වන විට ඉතිහාසයට එකතු  වනතවත් කරුණක් වන්නේ තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක දිනූ රන් පදක්කම අයත් ඉසව්වෙන් රන් පදක්කමක් දිනන්නට හැකි ක්‍රීඩිකාවක්පුහුණු කිරීමය.ඒ වාර්තාවට පුහුණු කළේ තමාගේම දියණියය  යන්න ද එකතු වූ විට වාර්තාවේ ස්වභාවය තව දුරටත් වෙනස් වන්නේය.

මේ මවයි දුවයි දෙදෙනාම මීටර් 3000 ඉසවවේ ද පෙරළි කරන්නෝය.ඒ වගේම මේ දෙදෙනාම සිය ධාවනයෙන් කරන පෙරළි සඳහා දිරි දෙමින්ඉවසා දරා ගෙන සිටින සුවිශේෂී චරිතයක්ද සිටියි.ඔහු පීටර් මැක්කෝල්ගන්ය.ඒ එලීශාගේ පියා ය.එමෙන්ම එලීශා පළමු කොට ගත් දරුවන් පස්දෙනෙක් ලීස් මොලෝවට දායාද කළේ පීටර්ට දාව ය.ඔහු එංගලන්තය නියෝජනය කළ මීටර් 3000 බාධක දිවීමේ සූරයෙක්ය.

RM

එලීශා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan