මහබැංකුව සතු ඩොලර් ප්‍රමාණය මිලියන 200 යි ලු !

Date:

ජුලි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා මහබැංකුව සතු නිළ සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.815 කි. එය ජුනි මාසය අවසන් වනවිට පැවති වත්කම් ප්‍රමාණය වූ ඩොලර් බිලියන 1.854 ට සාපේක්ෂව 2.1% ක පහළ යාමකි.

මෙම වත්කම්වලින් ඩොලර් බිලියන 1.705 ක් විදේශ විනිමය සංචිත වන අතර කෙසේ නමුත් ඉන් ආනයන කටයුතු සඳහා භවිතා කළ හැක්කේ ඉතා සීමිත ප්‍රමාණයකි.

මෙම විනිමය සංචිතවලින් ඩොලර් බිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් චීන මහජන බැංකුවෙන් ලැබුණු ණය වන අතර එම මුදල් භාවිතා කිරීමේදී කොන්දේසිවලට යටත්වීමට සිදු වේ. බොහෝදුරට එම සංචිත භාවිතා කළ හැක්කේ චීනයෙන් සිදු කරන ආනයන කටයුතු සඳහා පමණි.

ඒ අනුව ඉන්ධන, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා භාවිතා කිරීමට මහ බැංකුව සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 200 කට සීමා වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද...

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...