සලේගේ නඩුවේ අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපති අධිකරණයෙන් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණ හමුවේ කැඳවා තිබුණු අතර එහිදී නීතිපති වෙනුවෙත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉල්ලා සිටියේ අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසයි.

සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධය පළ නොකරන බවයි.

අගරදගුරු හිමිපාණන් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියාසිටියේ මෙම අතරමැදි පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන්ද තම අධිකරණය අවධානය යොමුකරන බවයි.

මේ වනවිට සුරේෂ් සලේගේ පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් සියල්ලටම තම අධිකරණය සවන් දෙන බවත් එම පෙත්සම් වලට අදාළ දේශන ඉදිරිපත් කිරීම විනාඩි දහයකට සීමාකර ගන්නා ලෙසත් සභාපති විනිසුරුවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටි අතර අනතුරුව අතරමැදි පෙත්සම්කරුවෙන් වෙනුවෙන් නිතිඥවරුන් කරුණු ඉදිරිපත් කරන ලදී.

සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට සහාය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි,දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු පාර්ශව 08 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත. සලේගේ පෙත්සමට එරෙහිව අගරදගුරු හිමිපාණන් විසින්ද පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...