පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට! – Breaking News

නීතිවිරෝධී ලෙස රාජය සතු ත්‍යාග භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් නියම වෙමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත් බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිසිය ඔහුගේ ලාහෝර්හි නිවස වටකරනු දක්නට ලැබිණි.

ඔහු 2018 සිට 2022 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපල අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු ඔහුට මෙලෙස දඬුවම් නියම විය.

පකිස්ථානු රුපියල් මිලියන 140කට (ඩොලර් 635,000) වැඩි වටිනාකමකින් යුත් විදේශ සංචාරවලදී ලැබුණු දෑ මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඔහුගේ තනතුර අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ල විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න...