වැලිවේරියේ වෙඩි තැබීමක් !

Date:

වැලිවේරිය – ඇඹරලුව පාර, පුබිලි මාවත ප්‍රදේශයේදී අද (05) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ උඩුගම්පොල, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට බව සඳහන්.

එම පුද්ගලයා ජුබිලි මාවත ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩි තැබූ පුද්ගලයින් දෙදෙනා යතුරුපැදිය එතැනම දමා කුඩා ලොරි රථයකින් පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...