සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් මිලියන 450ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් දැනටමත් ලැබී ඇති අතර නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් , ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් මෙලෙස ලැබී ඇති අතර ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටු රැස්වීමේදී ඊට අදාළ චෙක්පත් ප්රදානය සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??