ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වීමට නියමිත බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ හැකි බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

G7 නායකයන් වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සඳහන් කර තිබුණේ, පසුගිය සතියේ හමාස්හි දේශපාලන නායක ස්මයිල් හානියේ ඇතුළු හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාර බලාපොරොත්තුවන බවත්, ඉරානය සහ හිස්බුල්ලා යන දෙපිරිසම ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි එක්සත් ජනපදය විශ්වාස කරන බවත් ඒ අනුව තත්වය පාලනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික බලය භාවිතා කරන ලෙසත්ය.

ඒ අනුව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ එක්සත් රාජධානිය ද ඇතුළත් G7 නායකයන් ඒකාබද්ද ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මැදපෙරදිග උග්‍ර වූ ආතතිය පිලිබඳ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරන බවත්, කිසිදු රටකට තවදුරටත් යුද්ධ කිරීම කිසිදු වාසියක් නොමැති හෙයින් සෑම පැත්තකින්ම සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

පසුගිය ජුලි 31දා හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසුව, එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර අපේක්ෂාවෙන් මැදපෙරදිගට අතිරේක හමුදා බලකායන් යවා ඇති අතර එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය,කැනඩාව,ඉන්දියාව, මෙන්ම ප්‍රංශය ආදී රටවල් ලෙබනනයෙන් වහාම ඉවත්වන ලෙස අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...