අනුර ඇප තැම්පත් කරයි !

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...