අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත

Date:

කොළඹ LNW:ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අරනුර දිසානායක මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස්කර පැහැදිලි වැඩපිළිවෙලක්,පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත දේශපාලන නායකත්වයකට රට භාර දීමට ජනතාව බලාසිටින බවයි විජිත හේරත් මහතා එහිදී කියාසිටියේ.

ඒ අනුව ජනතාව සමඟ එක්ව අනුරට රට භාර දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...