ධම්මිකගේ අවසන් තීරණය මෙන්න!

Date:

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමා එම තීරණය ගත් බවද පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම

පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.

නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.”

ස්තූතියි මෙයට හිතවත්
ධම්මික පෙරේරා (පා.ම.)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...