වෙනස්කම් කරන්න නම් අඩුගාණෙ අවුරුදු 15 – 20ක් බලයේ ඉන්න ඕනා. ඒකට වැඩ කරන්න – චීනයෙන් ටිල්වින් සහෝදරයාට උපදෙස් !

Date:

රාජ්‍ය බලය ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බලාපොරොත්තු වන වෙනස්කම් සිදුකිරීමට නම් අවම වශයෙන් වසර 15 – 20ක්වත් බලය පවත්වාගෙන යායුතු බවත්, ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ විශේෂ හත්දෙනාගේ කමිටුවේ සාමාජිකයකු තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ජනතාවට ඇහුම්කන් දෙන, ජනතාව ගැන හොයලා බලන, බිම්මට්ටමේ තොරතුරු එකතු කරලා දේවල් කරන තැනක ඉන්න නිසා අපට හිතෙන්නෙ චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අර එක පක්ෂයක් බලයේ ඉන්න එක තමයි තියෙන්නෙ, ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා. මොකද එතකොට තමයි එක ලයින් එකකට, එක සැලසුමකට වැඩකරන්න පුළුවන්කම තියෙන්නෙ. මං හිතන්නෙ දැන් අපි මේ රට වෙනස් කරන්න පටන් අරන් තියෙන්නෙ. එතකොට අපි දැන් වෙනසක් කරමින් යනකොට ඊළඟ අවුරුදු පහේදී ආයෙ අපෙ ආණ්ඩුව මාරු වුණොත් එහෙම අපි කරන්න පටන් ගත්තු ඔක්කොම විනාසයි නෙ. ඊටපස්සෙ එන කට්ටිය වෙන එකක් කරනවා. ඒ නිසා අපි හිතන්නෙ කිසියම් පාලනයක් අවුරුදු පහළවක්, විස්සක්, විසි පහක් තිබ්බොත් තමයි ඒ පාලනයට පුළුවන්කම තියෙන්නෙ එක අරමුණකට, එක ප්‍රතිපත්ති මාලාවකට අනුව ගිහිල්ලා තැනකට රට ගේන්න. ඉතින් ඒ වාසිය චීනයට තියෙනවා. ඒගොල්ලො ඒක අරගෙන තියෙනවා. මං විශ්වාස කරන්නෙ ඔච්චර උඩට එන්න ඒකත් හේතුකාරක වුණා කියලා”

“දේශපාලන මණ්ඩලයේ අර විශේෂ හත් දෙනාගේ කමිටුවේ එක්කෙනෙක් වෙච්ච ඒ සහෝදරයා මුණගැහිච්ච එක නායකයෙක්. ඒ සාකච්ඡාවලදී අපි කොහොමද රටවල් දෙක එකට වැඩකරන්නෙ කියන කාරණය කතා කළා. කොහොමත් ඒ දේශපාලන මණ්ඩලයේ නායකයා මුණගැහිච්ච රැස්වීමට චීන තානාපතිතුමාත් ඇවිල්ලා හිටියා, චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමා. ඒගොල්ලො ලෑස්තියි අපිට විවිධ පැතිවලින් උදව් කරන්න. ආයෝජන පැත්තෙන්, තාක්ෂණය පැත්තෙන් සහ අපි වැඩිපුර කතා කළේ පක්ෂය හැටියට මේ පක්ෂය, කාඩර්වරු පුහුණු කරගැනීම, ඒ අත්දැකීම් හුවමාරු කරගන්න ඕනෙ. දැන් අපි කලින් හිටියේ පක්ෂය ගොඩනගන පක්ෂයක් හැටියට බලය ගන්න. දැන් අපි බලය ගත්තාට පස්සෙ මේ ආණ්ඩු කරන පක්ෂයක්. එතකොට අපි NPP කියන විශාල මහජන ව්‍යාපාරය පවත්වාගෙන යමින් ආණ්ඩුවක් කරමින් යනවා. එතකොට ආණ්ඩුවක් කරද්දී සාමාජිකයාගෙ මනෝභාවය, සාමාජිකයාගේ දැනුම, හිතන විදිහ කොහොමද වෙනස් වෙන්න ඕනෙකම තියෙන්නෙ. තවදුරටත් අර විපක්ෂෙක ඉන්න චින්තනයෙන් ප්‍රශ්න දිහා බලන්න බැහැ. ඊට වඩා වෙනස් වෙන්න ඕනා. ඊට වඩා කාර්යක්ෂම වෙන්න ඕනා. හැමදේම ඉගෙන ගන්න ඕනා. ඉස්සර අපි ඉගෙන ගත්තෙ වාමාංශික මතවාදය. දැන් අපි ආණ්ඩු කරන්න ඉගෙන ගන්න ඕනා. ආර්ථිකය පිළිබඳව කළමනාකරණය ඉගෙන ගන්න ඕනා. ඉතින් ඒවා සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අපට උදව් කරන්න පුළුවන් කියලා කිව්වා.

ඔවුන් ඉතාම සතුටින් හිටියා අපි මේ බලයට පත්වුණා කියන එකට. දුෂ්කරතා මැද්දෙ ඇවිල්ලා, අත්හරින්නෙ නැතිව ඉඳලා, මේක දරාගෙන ඉඳලා, බලයට එන තරමට ආවා කියන එක පිළිබඳ ඒගොල්ලන්ට ලොකු සතුටක් තිබුණා. ඒ අතරම ඔවුන් අවධාරණය කළා බලයට ආවා විතරක් නෙවෙයි, ඕගොල්ලො හිතන වෙනස්කම් කරනවා නම් අඩුගාණේ අවුරුදු 15ක් 20ක් බලයේ ඉන්න ඕනෙ. තව ඡන්ද තුන හතරක් දිනන්න ඕනෙ. නැත්නම් වෙනස්කම් කරන්න බෑ. චීනයේ වෙනස්කම් කරන්නත් අවුරුදු තිහක් හතළිහක් ගියා. අවුරුදු පහෙන් වෙනස්කම් කරන්න බෑ. ඒවාට වැඩි කාලයක් බලයේ ඉන්න ඕනා. ඉතින් ඒවාට වැඩ කරන්නය කියලා කිව්වා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ පසුගිය දිනවල තමන් නිරත වූ දීර්ඝ චීන සංචාරයේදී ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් විස්තර කිරීම සඳහා යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...

විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: අගෝස්තු 7, 8, 10, 11,...

ඔබට කූද්දවා පෙන්විය යුතු, රාමුවෙන් එහා ලෝකය!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): භූ දර්ශන ඡායාරූපකරණය...

ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන්...