මැදමුලන හොඳයි විජේරාමෙට වඩා. ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න – හිටපු ජනාධිපති මහින්ද

Date:

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන්නේ තමන්ගෙන් පළිගැනීම සඳහා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද දේශපාලන තත්වය දැන් ?

“දේශපාලන තත්වය ඉතින් මේ කට්ටියගෙන් තමයි අහන්න ඕනෙ දැන්, මගෙන් නෙවෙයි. (ඩී. වී. චානක මන්ත්‍රීවරයාව පෙන්වයි) මගේ ඉතින් පරණ අදහස් නෙ තාම තියෙන්නෙ”

ප්‍රශ්නය – හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා කියලා කතාබහක් ඇතිවෙලා තියෙනවා. මොකක්ද මේ ගැන ඔබතුමාගේ අදහස ?

“ප්‍රශ්නයක් නෑ අපිට … අපිට තිබිච්ච වරප්‍රසාදය ජනතාව දීපු වරප්‍රසාදය නෙ. ඊට වඩා ලොකු දෙයක් නෑ අපිට. ඉතින් ඒක තියෙනතාක් කල් ඕනෙ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – දැන් එහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?

“මැදමුලන වැඩිය හොඳයි නේ … විජේරාමෙට වඩා ඉතාම හොඳයි මැදමුලන”

ප්‍රශ්නය – ඔබතුමා හිතන විදියට ආණ්ඩුව මෙහෙම දෙයක් කරනවා ඇත්තේ මොනවගේ පරමාර්ථයකින්ද ?

“පළිගන්න”

ප්‍රශ්නය – ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ඔබතුමා මොකක්ද ඔබතුමාගේ අදහස ?

“අවශ්‍ය නෑ ….”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවති එරන්ද ගිනිගේ මහතාගේ නවකතාවක් එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...