කැරම් බෝඩ් නඩුවේ ලේඛන කැඳවන්න නියෝග!

Date:

කොළඹ LNW:සිර දඬුවම් ලබාසිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එම නියෝගය නිකුත් කර ඇත.

මෙම නියෝගය සිදුකළේ සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව කැඳවු අවස්ථාවේදිය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා ලබා ඔවුන් සිර දඬුවමට ලක්ව සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...