ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්!

අගෝස්තු 06 , කොළඹ LNW :

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා කොළඹ සිදු කළ නිල සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවිය. දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සාකච්ඡා අතරතුර ප්‍රධාන වශයෙන් කලාපීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දිගුකාලීන විශේෂ සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.

එසේ ම දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සහ කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩ සම්බන්ධතා සහ සමීප සහයෝගීතාවයේ වැදගත්කම ද නැවත වරක් තහවුරු කළ දෙපාර්ශ්වයම, වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණය, සංවර්ධන සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...