ඩෙංගු මරණ 63ක් දක්වා ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගණන 63ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000 ඉක්මවා ගොස් තිබෙන අතර ඒ අනුව ඊයේ (05) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් වාර්තා වී තිබේ.

මෙම මස ගෙවුණු කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,739ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය 46651ක් ලෙස දැක්වෙයි.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ වන අතර,එය ප්‍රතිශතයක් ලෙස 21.27% (18739)ක් ලෙස දැක්වෙයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,490ක්ද, මහනුවරින් 6,195ක්ද, මාතරින් 5,910ක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් 5,753ක් ලෙසද දැනට හඳුනා ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...