“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”: වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 06 , කොළඹ LNW :

මිලියන 150ක නවීන යන්ත්‍රෝපකරණ සමඟ හලාවත වැවිලි සමාගම නව යුගයකට

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින්, “තාක්ෂණ සහ ශ්‍රම ශක්තියෙන් අනාගත දිනන හලාවත වැවිලි සමාගම” වැඩසටහන යටතේ හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ නිල වශයෙන් බෙදාදීම ඊයේ (05) පලුගස්වැව වතු කලාපයේදී සිදු කෙරිණි.

මෙහිදී රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ටේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ටේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික කියත් යන්ත්‍ර 2ක්, වල් කපන යන්ත්‍ර 14ක්, රොටාවෙටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළු නවීන කෘෂි යන්ත්‍රෝපකරණ තොගයක් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

වතු අංශයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය ඔස්සේ වැවිලි කර්මාන්තය අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...