ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන මහපොළ දීමනාව ජිවන වියදමට සරිලන ලෙස සකස් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහපොළ භාරකාර අරමුදලට යෝජනා කර තිබේ.
ඒ, අද ඔවුන් සහ මහපොළ භාරකාර අරමුදලේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවේදීය.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අදීශ ගමගේ පැවසුවේ මේ වන විට මහපොළ දීමනාව ලැබෙන්නේ සීමිත සිසුන් ප්‍රමාණයකට වන හෙයින් මහපොළ ලබා දීමේදී සලකා බලන අදායම් සීමාව තවදුරටත් වැඩි කර රාජ්‍ය සේවයේ සහ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු අයගේ දරුවන්ටත් මහපොළ ලැබෙන පරිදි එය සකස් කරන ලෙස යෝජනා කළ බවයි.
එමෙන්ම එම ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කරන ලෙසද බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා තිබේ.
මේ අතර විශ්ව විද්‍යාල සිසුන්ට මේ වන විට මහපොළ දීමනාව රු.10,000ක් ලැබුණද HND සිසුන්ට තවදුරටත් ලැබෙන්නේ රු.5000ක දීමනාවක් වන හෙයින් විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම උසස් අධ්‍යාපනයේ නියැලෙන අනෙකුත් සිසුන්ටද වැඩිවන ජීවන වියදමට අනුව එම දීමනාව ලැබෙන ලෙස තවදුරටත් පුළුල් කිරීමටද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් යෝජනා කර ඇත.
සමස්තයක් ලෙස ඉදිරියේදී ජීවන වියදමට සරිලන ලෙස මහපොළ දීමනාවද ලැබෙන ලෙස සැකසීමේ ක්‍රියාවලියකට යන ලෙසත් එම දීමනාව ලබාදීමේදී තවදුරටත් පවතින ප්‍රමාදයන් වළක්වා ගන්නා ලෙසත් අන්තර් විශ්ව විද්‍යාල ශෝෂ්ය බල මණ්ඩලය ලෙස මහපොළ භාරකාර අරමුදලේ ප්‍රධානීන්ව දැනුවත් කර තිබේ.
එමෙන්ම මහපොළ අරමුදලේ කටයුතුද ඩිජිටල්කරණය කරන ලෙස ඔවුන් බලධාරීන්ට යෝජනා කළ බවයි අදීශ ගමගේ තවදුරටත් පැවසුවේ.


