නැවත වරක් විදුලි බිල් වැඩිකරන්න ලංවිමෙන් ඉල්ලීමක්

Date:

ලංකා විදුලිබල මණ්ඩලය බලන පාඩුව පියවා ගැනීම සඳහා නැවත වතාවක් විදුලි බිල් වැඩිකිරීමට අවසර දෙන ලෙස එම මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර දැනට සිදුකර ඇති විදුලි බිල් වැඩිකිරීම ප්‍රමාණවත් යැයි ඔවුන් විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජී. ඒ. ඩී. ආර්. පී සෙනවිරත්න මහතා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ පසුගිය ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ නිසා විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් බිලියන 33කින් පමණ අඩුවී ඇති බවයි.

පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 29.7ක් පමණ බවත් ගිගාවොට් 4,500ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, රට තුළ ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවා ගැනීමට හැකිවූයේ ගිගාවොට් 1,738ක් පමණක් බවත් එම ලිපියෙන් දැනුම් දී ඇත.

තාප ජනනය මගින් විදුලිය නිෂ්පාදනය ඉහළ යාම, විදුලිය සඳහා ඉල්ලුම ඉහළයාම සහ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බැවින් රුපියල් බිලියන 33කින් සිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා විදුලි බිල් වැඩිකිරීමක් සිදුකළ යුතු බවයි සාමාන්‍යාධිකාරීවරයා මහජන උපයෝගීතා කොමිසමට සිය ලිපියෙන් දන්වා ඇත්තේ.

කෙසේවෙතත් දැනට සිදුකර ඇති විදුලි ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවට විදුලිබල මණ්ඩලයට පිළිතුරු ලිපියක් යොමුකිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන රජයේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ඉරාන - ඊශ්‍රායල යුද්ධය තුළ බරපතල...

කෙහෙළියගේ බාල එන්නත් තුළ විෂ බැක්ටීරියා සහ ලුණු – ජර්මනියේ පරීක්ෂණයකින් අනාවරණය වෙයි !

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී මිලදීගත් ප්‍රශ්නගත "ඉමියුනොග්ලිබියුලීන්"...

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...