*
Friday, November 15, 2024
spot_img

Latest Posts

මධ්‍යම පළාත් සභාවේ උපහාර තරුෂිට සහ සුසන්තට විතරද?දිගනට නැද්ද?

මධ්‍යම පළාත් සභාවෙන් තරුෂි කරුණාරත්නට සහ සුසන්ත ප්‍රනාන්දුට උපහාර දැක්වීමට පියවර ගෙන තිබුණා.ඒ සඳහා මුලික වී කටයුතු කර තිබුණේ මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ යි.ඔහු එම උත්සව සභාව අමතමින් අධ්‍යාපන ක්‍රියාවලිය සමබරව සිදුකර ගැනීමට ක්‍රීඩාව මහෝපකාරී වන බවත් එමගින් යහපත් පුරවැසීයෙකු සමාජගත කිරීමේ අධ්‍යාපනයේ අරමුණ වෙත ගමන් කිරීමට පිටුවහලක් ලැබෙන බවත් අතීතයේ ඩන්කන් වයිට් , එස්.එල්.බී.රෝසා ,සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින් මධ්‍යම පලාතට කිර්තිය ගෙනදුන්නා සේම පාසල් අවදියේදීම ජාත්‍යන්තරය ජය ගනිමින් අනාගත පරපුරට ආදර්ශයක් ලබා දී අනාගත පරපුරට නව දැක්මක් වෙත යොමුකිරීමට සමත් වූ තරුෂි කරුණාරත්න දිරිය දියණිය රටටම ආඩම්බරයක් බව පවසා තිබුණා.


සැබවින්ම ඇයගේ වයස හා සළකා බලද්දී තව ඉදිරියට ඇති කාලය වඩාත් වැදගත් කොට සැළකිය හැකියි.එවැනි ක්‍රීඩිකාවක් නිර්මමාණය කළ සුසන්ත ප්‍රනානදු යටතේ ජාතික මට්ටමෙන් මධ්‍යම පළාතට ජයග්‍රහණ ගෙනෙන තව බොහෝ පිරිසක් ද නිර්මාණය වී තිබෙනවා.නිර්මාණය වෙමින් පවතිනවා.ඒ සඳහා මඟ සකසන පොළව බවට අද පත් වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් දිගන ක්‍රීඩාංගණය.ලලිත් යූ ගමගේ ආණ්ඩුකාරවරයාට මෑතකදි එයින් ලැබුණ උදව් උපකාර ගැන කියලනම් තරුෂි ගැන සතුටු වෙන්න බැහැ.
ඉහළ ඉදලා ආරක්ෂක අංශය දක්වා බොහෝ දෙනෙක් තරුෂිට මේ ජයග්‍රහණ සඳහා දුන්න දිරිය කවදහරි පොතක ලියලා තියන්න අවශ්‍යය වෙනවා.ලලිත් යූ ගමගේ ආණ්ඩුකාරතුමා තමන් කරපු උපකාර වගේම ඒ දේවල් සිහිකරලා චූටියට හරි “සොරි” කියන වචනයෙත් කිව්වනම් අර දිගන ක්‍රීඩාංගණයෙ පිරිස ජාතික මෙහෙවර කියා සිතා සිටින දේ ඉදිරියෙදි හරි වෙනස් වෙන්න තිබ්බා.


නැත්නම් ආසියාව දිනපු නෙමෙයි ලෝකය දිනපු තරුෂි වුණත් දිගන සිකුරටි මහත්තුරු රකින්න ඉගෙනගෙන තියෙන රටට අදාළ නැහැ.මට උත්සවය දැක්කම මතක් වුණේ මේ මෑත කාලයේ අමාත්‍යවරයෙක්ගෙ හැසිරීම.නිලධාරියෙක් සේවයෙන් පහ කරන්න වැඩ කරන්න ඉස්සෙල්ලා ඇමතිවරයා උණුස්ම කරලා ගත්ත ආරක්ෂක අංශයෙන් කරපු පිළිගැනීම.ආණ්ඩුකාරවරයට පුළුවන්කම තිබුණානම් දිගන මේ වැඩේ සංවිධානය කරලා තමන්,තරුෂි සහ සුසන්ත එන මාර්ගයේ දිගන ආරක්ෂක අංශයෙන් ආචාර දැක්වීමක් කරන්න.ඒ වගෙම එම ආයතනවල ඉහළ තනතුරු තියෙන්නෙ රස්සාව කියන කාරණය ඇතුළෙන් එළියට ඔළුව දාලා බලලා දක්ෂයන් රටට හොයන්න,රකින්න දියුණු කරන්න කියන වගකීම සමඟ බැදිලා කියලා තේරුම් යන්න ඒ අය අතින් මල් මාලයක් දම්මන්න…

I


ඒ විදිහට කිරීම වටින්නෙ ඔවුන් ගහපු ගල් තරුෂි මල් කරගෙන දුවපු හැටි දැනෙන්න.හෘද්‍යාංගමව තමන්ට තමන් කොයිතරම් නොසන්ඩාලද කියලා පේන දර්පනයක් හෘදය සාක්ෂිය ඉස්සරහ තියන්න තිබුණ ඉඩ පාවිච්චි කරන්න ආණ්ඩුකාරවරයාට හැකි වුණානම් වටිනවා.ඒ වගෙම දැන් රටම නෙමෙයි ආසියාවම දන්න තරුෂිව එදා කළකිරවා ක්‍රීඩාවෙන් ඈත් කර දමන්න තමන් උත්සාහ කළේ අහම්බයකින් නොවන බවත් ඒ කාගේ උවමනාවක් ඉටු කිරිමක් ද යන්නත් මේ මොහොතෙ එළියට ගන්න හොඳටම ඉඩ තියෙනවා.
මේ නිලධාරීන්ට අද ඉතුරු වී තිබෙන්නේ කොච්චර හිරිකිත මතකයක් ද කියන එකත් මේ අවස්ථාවේ කල්පනා වෙනවා ඇති.දිගන පිට්ටනියේ දුවන ළමෙක්.අපි මෙහෙමයි උදව් කළේ කියලා කියන්න කාලයක් ඔවුන්ට එහි පසු වුණා.නමුත් ඊට පසුව ඇති වූ තත්ත්වය අතිශයින් ඛේදණිය සහ අවාසනාවන්ත එකක්.අද තමන්ගෙ දරු පවුලා එක් මෙහි නිලධාරීන්ට තරුෂි දිනන කොට,ආසියාවම ගෞරව කරන කොට කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ කුමක්ද?
“අපි ඕකිට කෙලලම දාන්න හැදුවෙ,බැරි වුණානෙ.අල්ලං හිටියා”
එහෙම ඉතිහාසයක් තමන්ගෙ දරුවන්ට,පවුලෙ සාමාජිකයන්ට කියන්න ඉතුරු කරගත්ත එක ගැන සතුටු ද කියලා තමයි දිගන නිලධාරීන්ගෙන් අහන්න තියෙන්නෙ.
කෙහොම නමුත් ආණඩුකාරවරයා මේ ගත්තු ක්‍රියාමාර්ගය ආදර්ශමත් එකක්.ඒකට ගෞරවය සහ ස්තූතිය පුද කරන අතරේම ඇය දුවන දිගන පිටියට ගරුසරු ඇතිව පිළිගෙන කැදවා යා හැකිනම් දිනෙක එයත් වැදගත් වේවි.තරුෂිට වඩා තමන් විසින් බිඳ දමන්න හදපු රටට වටින සම්පත ගැන ඔවුන්ගේ හෘද සාක්ෂියට දැනේවි.තමන් තරුෂි දුවේ නංගියේ කියලා කතා කරනවා වෙනුවට,ඒ කරුණාව දයාව වෙනුවට තමන් කරපු නින්දිත හැසිරීම් ගැන ඔවුන්ට දැනේවි.මේ වැදගත්කමේ කොටසක් හැටියට තමන්ගේ කරුණාව,හිතවත්කම,මිත්‍රශීලීත්වය තිබුණනම් ඒ මිනිස්සුන්ට තමන්ගෙ ගෙදර පවුලේ හමුව ඉදිරියේ තරුෂිගේ ජයග්‍රහණය ගැන කොච්චර ආඩම්බරෙන් කියවන්න තිබුණ ද කියන දේ ඒ අයට හිතෙන්න දැනෙන්න දෙන්න ඕනි.
කෙනෙක්ට හැදෙන්න වැදගත්ම දෙයක් හැටියට තමන්ගේ අතපසුවීම් වලින් මඟ හැරුණු ආඩම්බරය,සතුට ප්‍රායෝගිකව දැනෙන්න ඇරීම වැදගත් බවයි අපේ විශ්වාසය.රටක්ම ආඩම්බර වෙද්දි ඒකට තමන්ගේ ළඟින්ම ඉදලත් දායක වෙන්න බැරිවීමේ අතපසුවීම නිසා දැනෙන අපහසුව විඳින්න අවස්ථාව දුන්නනම් අඩුම තරමේ මනුස්සෙක්ට මනුස්සෙක් විදිහට සැළකීමේ ප්‍රාථමික තත්ත්වයන් හරි ඔවුන් අතින් සුරැකේවි.
දින කිහිපයක් ඇතුළත ජාතික වාර්තා තුනකටම සිය නම ඈදා ගැනීමට දක්ෂ වූ සහ ආසියාවේම ගෞරවයට පාත්‍ර වූ තරුෂි මෙන්ම ඇය එතැනට ඔසවා තැබූ පුහුණුකරු සුසන්ත වෙනුවෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ ආශිර්වාදය ඇතුව මෙම උපහාර පිදීමේ උත්සවය මධ්‍යම පළාත් සභාව , පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණා.පිළිගැනීමට මෙන්ම මූල්‍යම ත්‍යාග ප්‍රදානයක් ද සිදු වූ එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , වලල ඒ රත්නායක විදුහලේ විදුහල්පති ධම්මික හේරත් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan