ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න හදන්නේ ඇමතිට, ලේකම්ට සහ නිලධාරීන්ට ඕනෑ හැටියටද ? – සජිත් ප්‍රශ්න කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මීට පෙර අවස්ථා රැසකදී ග්‍රාම නිලධාරින්ගේ ගැටලු සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවත් ඔවුන් සේවා ව්‍යවස්ථාව මෙන් ම වැටුප් ක්‍රමවේදයේ ගැටලු, වැටුප් වර්ධක හා දීමනා ගැන ඉල්ලීමක් කර ඇති බවත් මේ ගැන අවස්ථා ගණනාවකදී තමා ඉදිරිපත් කළ විට අදාළ විෂය භාර අමාත්‍යවරයා එම ව්‍යවස්ථා ආදිය යවා ඇති බව පැවසුවත් එසේ යවා ඇත්තේ ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටි දෙය නොව අමාත්‍යවරයා, ලේකම්වරයා සහ නිලධාරින්ට අවශ්‍ය දේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය සමිති සමඟ එකඟ වූ සේවා ව්‍යවස්ථාව හෝ දීමනා ලබාදීමට රජය තවමත් ක්‍රියාත්මක වී නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ වැඩකටයුතු සඳහා දීමනාව රු 13 සිට 30 දක්වා වැඩි කරන ලෙස මැතිවරණ කොමිසම පවා එකඟ වුවත් එය ද ක්‍රියාත්මක නොකරන බවත් මේ සඳහා විසඳුමක් අවශ්‍ය බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...