සටහන – රුවන් නෙළුගොල්ල
ගම්පහ, තම්මිට ප්රදේශයේදී ඊයේ (06) රාත්රියේ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.
ඊයේ රාත්රියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු බව සඳහන්.