නව හමාස් නායකයා වශයෙන් ‘ගාසාහි වෙඩි හඬ’ හෙවත් යහ්යා සින්වර් කැඳවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි 15වන දා ටෙහෙරානයේ දී හිටපු හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයෙන් අනතුරුව නව නායකයා වශයෙන් ‘ගාසාහි වෙඩි හඬ’ හෙවත් යාහ්යා සින්වර් තෝරාගෙන ඇති බව එම සංවිධානය නිවේදනය කර තිබේ.

61 හැවිරිදි සින්වාර් ඊශ්‍රායල භූමිය තුළ 1,100 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 200 කට වැඩි පිරිසක් වහල්භාවයට ගෙන ගිය හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7වන දා දියත්කළ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ඊශ්‍රායලය විසින් සලකනු ලබයි.

සින්වාර් උපත ලැබුවේ ඛාන් යුනිස් නගරයට දකුණින් පිහිටි ගාසා සරණාගත කඳවුරක වන අතර ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවට සැක කෙරෙන පලස්තීනුවන් තුරන් කිරීමේ වගකීම පැවරී ඇති අල්-මජ්ඩ් ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානියා විය. ඔහු 2017 දී ගාසා තීරයේ හමාස් නායකයා බවට පත් වූ අතර ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC)විසින් ඔක්තෝම්බර් 7 වන දින සිදු කරන ලද යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා සිටි හමාස් නායකයින් කිහිප දෙනෙකුගෙන් කෙනෙකි.

හිස්බුල්ලා සංවිධානය සින්වර්ගේ පත්වීම සාදරයෙන් පිළිගෙන තිබු අතර එය ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට ප්‍රබල පණිවිඩයක් ලෙස හඳුන්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...