හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත නිදහස්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව ඇප මත මුදාහැරීමට ඊයේ (06) නියම කර ඇති බව සඳහන්.

ඉහත සිද්ධියට අදාළව විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව CIDය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය 28 වනදා ය.

රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණු අතර මහර මහේස්ත්‍රාත්වරයා එම රෝහලට ගොස් ඔහුව පරීක්ෂාකොට අගෝස්තු 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...