රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW:
අද(07) දින, රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට සභාව අමතමින් සිටී. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බවත්ය.
නාධිපතිවරයා එහිදී පැවසූවේ,
“මේ බිඳ වැටීම අපේක්ෂා කළා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් ඇති වුණාට පස්සේ නිරන්තර මාධ්‍ය සාකච්ඡා පවත්වන මහත්වරු කොළඹට බෝම්බ දායි කියලා අපේක්ෂා කළා. ඒ වෙලාවේත් අපේ හමුදාපතිවරු හිටියේ පාකිස්තානයේ. නමුත් මෙහෙ විපක්ෂය අපේක්ෂා කළා කොළඹට බෝම්බ දායි කියලා. ඒක ප්‍රාර්ථනාවක්. ඊට පස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්ධයක් පටන් ගත්තාට පස්සේ දැන් බිඳවැටෙයි කියලා. ඒක වුණේ නෑ. ඊළඟ විශාලම අපේක්ෂාව වුණේ අමෙරිකානු බදු ප්‍රතිපත්තිය මඟින් අපේ ආර්ථිකය බිඳ වැටේවි කියලා.
ඒ නිසා තමුන්නාන්සේලා අපේ ආර්ථිකයේ ව්‍යසනයක් ඇති වේවි කියා කුරිරු සිහිනයක් දකිනවා. ඒ විනාශකාරී සිහිනය සැබෑ වෙන්නේ නෑ. ඒක විතරක් තියලා තියා ගන්න. දේශපාලනය වෙන රාමුවකින් කරන්න පටන් ගන්න. ඔය රාමුව වැරදියි. අගෝස්තු ජනාධිපති කෙනෙක් හිටියා නේද පාර්ලිමේන්තුවේත් නෑ.
අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.
ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”
තවද, වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ අතර, ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර දක්වා විය හැකි බවට පුරෝකතනය කරන බවත් කියා සිටියේය.
“ඒක 2022 ආර්ථිකයට තිබූ බලපෑමක් නෙමෙයි. 2023 ඒ බර ආවේ නෑ. 2024 ඒ බර ආවේ නෑ. හැබැයි අපි ඒ බර අරන් තියෙනවා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රබවයක්.
මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා. ඩොලර්වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා. ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ. මේ විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදියටම පවත්වාගෙන යනවා. ඔබට මේ අවුරුද්දේ ගන්න බැරි නම් ලබන අවුරුද්දේ ගන්න. හැබැයි මතයක් හදනවා මේ වෙලාවේ ගිහින් ගන්න කියලා. ඒ කැත වැඩේ යෙදෙන්න එපා. බදු වැඩි කරයි කියනවා. මේ වෙලාවෙත් බදු වැඩියි. තවත් කොහොමද බදු වැඩි කරන්නේ. කිසිම බදු වැඩි කිරීමක් කරන්නේ නෑ” ලෙසද පැවසීය.
